Loading...

මීට දින කිහිපයකට පෙර දේශපාලන උණුසුම මධ්‍යයේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් සිදුවිය.

ඒ ප්‍රකට ව්‍යාපාරික මෙරිල් ජේ. ප්‍රනාන්දුගේ නිවසේ පැවති සාදයකදීය.

ගෝඨා සමඟ ජී.එල්. ද සිටි අතර රනිල් සහ ගෝඨා කතා කළේ ස්ථාවර රජයක් පිහිටුවීම ගැනයි.

තමුන් මැතිසබා බහුතරය පෙන්වා ඇති නිසා තමන්ට ආණ්ඩුව භාරදිය යුතු යැයි ගෝඨාට රනිල් කීය.

එහෙත් ඊට පෙර මහ මැතිවරණයට ගොස් නැවුම් ජනවරමක් ලබාගැනීම වැදගත් නැත්දැයි ගෝඨා රනිල්ගෙන් විමසුවේ ඒ සමඟය.

එවිට රනිල් පැවසුවේ “මම ජනබලය මැතිසබා බලය පෙන්වලා ඉවරයි. ඒ නිසා දැන් නැවුම් ජනවරමක් ගන්න ඕන ජනාධිපතිතුමයි. ඔයාල කැමැති නම් අපි ජනාධිපතිවරණයයි මහ මැතිවරණයයි දෙකම එකට තියමු. ඒ ඡන්ද දෙකටම අපි සූදානම්” යනුවෙනි.

එහෙත් දෙදෙනාගේ දේශපාලන යෝජනා ප්‍රතිවිරුද්ධ තත්ත්වයක තිබුණ නිසා  ඒ කතාබහ එතරම් දුරදිග ගියේ නැත.

Loading...