Loading...

නැවත වතාවක් ජාතික ආණ්ඩුවකට එක්වීම සදහා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට එක්සත් ජාතික පෙරමුණ විසින් කරන ලද ආරාධනාවක් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් දැඩිව ප‍්‍රතික්‍ෂෙප කර ඇත.

කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමට පෙර දිනයේ ජනාධිපති නිල නිවසේදී කරන ලද සාකච්චාවේදී මලික් සමරවික‍්‍රම මහතා විසින් මෙම යෝජනාව සිදු කර ඇත.

ජනාධිපතිවරයා විසින් දැඩිව සදහන් කර ඇත්තේ ජාතික ආණ්ඩු සම්බන්ධයෙන් යලිත් කිසිදු සාකච්චාවක් හෝ සිදු කිරීමට අදහසක් නැති බවයි.

Loading...