Loading...

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායකවරයා ලෙස පත් කිරීමෙන් අනතුරුව පසුගිය සතියේ සියලු ජාතික පුවත්පත් සඳහා සම්මුඛ සාකච්ඡා ලබා දී ඇති බවත් ඒ අනුව ලේක්හවුස් ආයතනයේ ඉරිදා ඉංග්‍රීසි ජාතික පුවත්පත වන ඔබ්සවර් පුවත්පතට ලබා දුන් විපක්ෂ නායකවරයාගේ සම්මුඛ සාකච්ඡාව පළ කිරීම හදිසියේ තහනම් කර ඇති බවත් මහින්ද රාජපක්ෂ පාර්ශවයට හිතැති මාධ්‍ය වාර්තා කරයි.

එම සම්මුඛ සාකච්ඡාව විපක්ෂ නායකවරයා සමග සිදු කර ඇත්තේ ඔබ්සවර් පුවත්පතේ මාධ්‍යවේදීනී අනුරංගි සිං මෙනවිය විසින් බවටයි අදාළ මාධ්‍ය සඳහන් කරන්නේ.

එම තහනම් කිරීම සිදු කර ඇත්තේ, පත්වීමක් නොමැතිව ලේක්හවුස් ආයතනයට බලහත්කාරයෙන් අතුළු වු හිටපු සභාපති විසින් බව ද සඳහන්.

Loading...