Loading...

කොළඹ මහ නගර සභාවේ අයවැය යෝජනාව ඉදිරිපත් කිරීමේදී නගරාධිපතිනී රෝසි සේනානායක ඉදිරිපත් කළ ඇතැම් ආදායම් සහ වියදම් සංඛ්‍යා පිළිබඳ මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහක් මතුව තිබෙනවා.

ඇය අයවැය යෝජනාව ඉදිරිපත් කරන විඩියෝ දර්ශන ද සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් තිබෙනවා.

නගරාධිපතිනිය විසින් ඉදිරිපත් කළ ඇතැම් ආදායම් සහ වියදම් සංඛ්‍යා වැරදි ලෙස ඇය විසින් කියවීම කර ඇති බවයි එම වීඩියෝවල දැක්වුණේ.

මේ සම්බන්ධයෙන් පුවත් වෙබ් අඩවියක් කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනී රෝසි සේනානායකගෙන් විමසීමක් කර ඇති අතර ඇය කියා ඇත්තේ අයවැය යෝජනාව ඉදිරිපත් කිරීමේදී සංඛ්‍යා කිහිපයක වැරදීම් සිදුවූ බව තමන් පිළිගන්නා බවයි.

සිංහල භාෂාවෙන් ඒ පිළිබඳ සභාවට දැනුම්දීමට යාමේදී තමන් මෙම ගැටළු සහගත තත්ත්වයට මුහුණ දුන් බව ද නගරාධිපතිනිය පවසා තිබෙනවා.

මේ පිළිබඳ ඇතැමුන් සමාජ ජාලා ඔස්සේ තමන්ට එරෙහිව මඩ ප‍්‍රචාර ගෙන යන බවයි නගරාධිපතිනිය සඳහන් කළේ.

කෙසේවෙතත් ඇය පැවසුවේ අයවැය යෝජනාවේ අන්තර්ගතය පිළිබඳ අවධානය යොමු කර ඒ පිළිබඳ ප‍්‍රකාශ සිදු කරන ලෙසයි.

කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනී රෝසි සේනානායක ඉදිරිපත් කළ අයවැය යෝජනාව සම්බන්ධයෙන් අදාළ වෙබ් අඩවිය ජනතා විමුක්ති පෙරමුණෙන් ද විමසීමක් කර ඇති අතර එම පෙරමුණේ නාගරික මන්තී‍්‍ර හේමන්ත වීරකෝන් පවසා ඇත්තේ මෙවර ඉදිරිපත් කර ඇත්තේ ජනතා සුබසාධන ඉටු කිරීමට අපොහොසත් වූ අයවැය යෝජනාවක් බවයි.

Loading...