Loading...

පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක කාර්යාලය ලබන සතියේදී මහින්ද රාජපක්‍ෂ මහතා වෙත භාරදෙන බව දෙමළ ජාතික සන්ධානය පවසනවා.

මහින්ද රාජපක්‍ෂ මහතා විපක්‍ෂ නායකවරයා ලෙස කතානායකවරයා විසින් පිළිගත්තද මෙතෙක් පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක කාර්යාලයේ දෙමළ ජාතික සන්ධානය රැදි සිටින බවට පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් සොයිසා ඊයේ (21) චෝදනා කළා.

ඒ සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකදී පාර්ලිමේන්තු මන්තී‍්‍ර චාර්ල්ස් නිර්මලනාදන් මේ බව කියාසිටියා.

Loading...