Loading...

ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්පන්දන් මහතාට නැවත වරක්‌ විපක්‍ෂ නායක ධුරය ලබාදීමට මැදිහත් වන ලෙස කොටි ඩයස්‌පෝරාව බ්‍රිතාන්‍ය ඇතුළු බටහිර රටවලින් ඉල්ලා ඇත.

සම්පන්දන්ට විරුද්ධ නායක ධුරය අහිමිවීම ලොව පුරා විසිරී සිටින ඩයස්‌පෝරාවේ කොඳු නාරටිය කැඩීමක්‌ බවද ඔවුන් දන්වා තිබේ.

එහෙත් උතුරු මහ ඇමැතිව සිටි සී. වී. විග්නේෂ්වරන් මහතා එම ඉල්ලීමට එකඟවී නැත.

කොටි ඩයස්‌පෝරාව තවදුරටත් ප්‍රකාශ කර ඇත්තේ සම්පන්දන්ගෙන් විරුද්ධ පක්‍ෂ නායකකම පැහැරගෙන ඇති බවය.

– කීර්ති වර්ණකුලසූරිය

Loading...