Loading...

දින පනස්‌ දෙකක්‌ වැනි කෙටි කාලයක්‌ තුළදී එක්‌සත් ජාතික පක්‍ෂය ශක්‌තිමත් පක්‍ෂයක්‌ බවට පත් කිරීමට කටයුතු කළ ජනාධිපතිවරයාගේ ඡායාරූපයට උදේ හවා මල් පහන් හඳුන්කූරු දැල්විය යුතු යෑයි කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග, සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති පී. හැරිසන් මහතා පැවසීය.

කෘෂිකර්ම අමාත්‍යාංශයේදී ඊයේ (21 දා) වැඩ භාරගැනීමෙන් අනතුරුව ඇමැතිවරයා විසින් සිය අමාත්‍යාංශ නිලධාරීන් හමුවීමෙන් පසු මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් කතා කළ ඇමැතිවරයා මෙසේ ද කීය.

“රනිල් වික්‍රමසිංහ මහතාව අගමැති ධුරයෙන් ඉවත් කර මහින්ද රාජපක්‍ෂ මහතාව අගමැති ධුරයට පත් කළා. ජනාධිපතිවරයා ගත් එම පියවර නිසා දින පනස්‌ දෙකක්‌ වැනි කෙටි කාලයක්‌ තුළ ශක්‌තිමත් එක්‌සත් ජාතික පක්‍ෂයක්‌ බිහිවුණා. පසුගිය කාලයේ අපේ රජයේ අඩුපාඩු තිබුණා. දේශපාලන පළිගැනීම්වලට ලක්‌වූවන්ට අපිට සලකන්න බැරි වුණා. හැම තැනම උද්ඝෝෂණ පෙළපාලි සිදුවුණා. එවැනි පසුබිමක්‌ තුළ ජනතා අප්‍රසාදයට පත් වුණේ එක්‌සත් ජාතික පක්‍ෂය හැමෝම කිව්වේ මේක යූ.එන්.පී. ආණ්‌ඩුවක්‌ කියලා. එවැනි පසුබිමක්‌ තුළ අපේ අගමැති ඉවත් කර මහින්ද රාජපක්‍ෂ මහතාව පත් කළේ. ජනාධිපතිවරයා ගත් එම පියවර නිසායි එක්‌සත් ජාතික පක්‍ෂය ශක්‌තිමත් වුණේ. ඒ නිසා ජනාධිපතිවරයාට කවුරු බැන්නත් මම දකින්නේ ජනාධිපති කළේ හොඳ වැඩක්‌ කියලා. අමාත්‍යාංශ රැසක්‌ මා වෙත ලැබී තිබෙනවා. එම වගකීම උපරිමයෙන් ඉටුකරනවා”

Loading...