Loading...

බදුපිට බදු ගසමින් සිදු කරන පීඩන හමුවේ කුමන හෝ අවස්ථාවක ජනතාව සහ විපක්‍ෂය නැගීී සිටීමට ඉඩ ඇති නිසා ආණ්ඩු පක්‍ෂයේ ආසන පිළිබඳ විශ්වාසය නොතබන ලෙස විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (21 දා) පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළේය.

මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා විසින් ඉදිරිපත් කරන ලද අතුරු සම්මත ගිණුමට අදාළ විවාදයට එක්‌වෙමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කතා කළ පසු විපක්‍ෂ නායකවරයා තම අදහස්‌ ප්‍රකාශ කරමින් මේ බව කීවේය.

මහින්ද රාජපක්‍ෂ මහතා – අද අතුරු අයවැයක්‌ ඉදිරිපත් කළා. ඒ ගැන ඉදිරි දිනවල විග්‍රහයක්‌ කරනවා. අපි කුමන්ත්‍රණ කරලා ආණ්‌ඩුවක්‌ හැදුවේ නෑ. විපක්‍ෂයේ අපි වාඩි වී ඉඳිද්දී ඔය ආණ්‌ඩු පක්‍ෂ පුටුව ගැන විශ්වාස කරන්න එපා. කුමන හෝ වෙලාවක ජනතාව සහ විපක්‍ෂය ඔබලාට එරෙහිව නැඟී සිටීවි.

ආණ්‌ඩුව භාර ගනිද්දී ව්‍යාපාරිකයන්ට ව්‍යාපාර ගෙන යන්න බැරි වුණා. ව්‍යාපාර කඩා වැටුණා, රැකියා විරහිත භාවය වැඩිවුණා. ඉදිකිරීම් ඇදවැටුණා. මේ තත්ත්වය යටතේ තමයි අපි ආණ්‌ඩුව භාර ගත්තේ. ආණ්‌ඩුව අපට කරගෙන යන්න දුන්නේ නෑ. ආණ්‌ඩුව කරගෙන යනවා නම් ජනතාවාදී විය යුතුයි. බදු පිට බදු ගහලා ජනතාව මිරිකීමට ලක්‌වූ නිසා තමයි අපි ආණ්‌ඩුව භාර ගත්තේ. මම ඉන්ධන මිල අඩු කරන්න කලින් ඉන්ධන මිල අඩු කරන්න තිබුණා. කිසි විටෙක මිල අඩුවුණේ නෑ. අපි ඇවිත් දවස්‌ කීපයකදී මිල අඩු කරලා පෙන්නුවා. වැට්‌ බද්ද අඩු කළා. මේවා කළේ ජනතාවට නිදහස ලබා දෙන්න.

මංගල සමරවීර මහතා – වැට්‌ බද්ද අඩු කළ යුත්තේ පාර්ලිමේන්තුවෙන්.

මහින්ද රාජපක්‍ෂ මහතා – ඒක කරන්න දුන්නේ නෑනේ.

මංගල සමරවීර මහතා – ඔබතුමායි මමයි මේ ගැන වෙලාවක කතා කරමුකෝ.

මහින්ද රාපක්‍ෂ මහතා – බොහෝම හොඳයි. මේ වෙලාවෙ ආර්ථිකය කඩා වැටෙන වෙලාවක්‌. තුන් වේලකින් එක වේලක්‌වත් නොකා ඉන්න මිනිස්‌සු ගැන හිතන්න කියා කාදිනල් තුමාගේ නත්තල් පණිවුඩයේ තියෙනවා. ඒ පණිවුඩය වැඩි හරියක්‌ භාරගත යුත්තේ ආණ්‌ඩුව. අයි. එම්. එෆ් එක කියන දේම කරන්න එපා. ඒක කළොත් අමාරුවේ වැටෙනවා.

බඩු මිල අඩු කරන්න. මිනිස්‌සු එක වේලයි කන්නේ. මේ තත්ත්වය වෙනස්‌ කළ යුතුයි. එදා අපි ආවේ නැත්නම් ප්‍රංශයට සහ ගී්‍රසියට අත් වූ දේ අපේ රටට වෙනවා. එවැනි තත්ත්වයකදී රට වෙනුවෙන් ඉදිරිපත් වෙන්න විපක්‍ෂය ඕනෑම අවස්‌ථාවකදී සූදානමින් සිටිනවා.

Loading...