Loading...

නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම මීට සුළු මොහොතකට පෙර  අවසන් විය.

ඒ අනුව කැබිනට් අමාත්‍යවරු 29 දෙනෙකු ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්හ.

ජාතික ආණ්ඩුවක් නොවන අවස්ථාවක දී අමාත්‍ය මණ්ඩලය 30කට සීමා විය යුතු අතර ජනාධිපතිවරයා ද අමාත්‍යධූරයක් දැරීම හේතුවෙන් මෙලෙස එක්සත් ජාතික පෙරමුණු අමාත්‍යවරු 29 දෙනෙකු දිවුරුම් දීම සිදු විය.

අද දින දිවුරුම් දුන් අමාත්‍යවරු සහ එම ධූර පහතින්…

1. හරීන් ප්‍රනාන්දු – විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම්, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍ය

2. රනිල් වික්‍රමසිංහ – ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචිකිරීම්, පුණුරුත්තාපන, උතුරුපළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු, නිපුණතා සංවර්ධන, යෞවන කටයුතු අමාත්‍ය

3. ජෝන් අමරතුංග – සංචාරක, වනජීවී, ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය

4. ගාමිණී ජයවික්‍රම පෙරේරා – බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය

5. මංගල සමරවීර – මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය

6. ලක්ෂ්මන් කිරිඇල්ල – රාජ්‍ය ව්‍යාපාර, කන්ද උඩරට උරුමය, මහනුවර සංවර්ධන අමාත්‍ය

7. රවුෆ් හකීම් – නගර සැළසුම්, ජලසම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය

8. තිලක් මාරපන – විදේශ කටයුතු අමාත්‍ය

9. රාජිත සේනාරත්න – සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය

10. වජිර අබේවර්ධන – අභ්‍යන්තර, ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන අමාත්‍ය

11. රිෂාඩ් බදියුදීන් – කර්මාන්ත සහ වානිජ, සමූපකාර, දිගුකාලීනව අවතැන් වූවන් නැවත පදිංචි කිරීම් අමාත්‍ය

12. පාඨලී චම්පික රණවක – මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය

13. නවීන් දිසානායක – වැවිලි කටයුතු අමාත්‍ය

14. රවී කරුණානායක – විදුලිබල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය

15. පී. හැරිසන් – කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර, ජලජ සම්පත් අමාත්‍ය

16. කබීර් හෂීම් – මහාමාර්ග, ඛණිජතෙල්, මාර්ග සංවර්ධන අමාත්‍ය

17. රංජිත් මද්දුම බණ්ඩාර – රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ අමාත්‍ය

18. ගයන්ත කරුණාතිලක – ඉඩම්, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය

19. සජිත් ප්‍රේමදාස – නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය

20. අර්ජුන රණතුංග – ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය

21. පලනි දිගම්බරම් – කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය

22. චන්ද්‍රාණි බණ්ඩාර – කාන්තා හා ළමා කටයුතු, වියළි කලාප සංවර්ධන අමාත්‍ය

23. තලතා අතුකෝරාල – අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය

24. අකිල විරාජ් කාරියවසම් – අධ්‍යාපන අමාත්‍ය

25. අබ්දුල් හලීම් මොහොමඩ් කාෂීම් – තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය

26. සාගල රත්නායක – වරාය, නාවික කටයුතු හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය

27. මනෝ ගනේෂන් – රාජ්‍ය ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය

28. දයා ගමගේ – කම්කරු, වෘත්තීය සමිති සබඳතා හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය

29. මලික් සමරවික්‍රම – සංවර්ධන උපායමාර්ග, ජාත්‍යන්තර වෙළඳ කටයුතු, විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය

Loading...