Loading...

මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජනවාරි 08 ජනතාවට දුන් පොරොන්දු යථාර්තයක් බවට පත්කිරීමේ අරමුනින් යුතුව ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් පිරිසක් එක්වී ‘ජනවාරි 08 මිතුරෝ’ නමින් සංවිධානයක් ලෙස කටයුතු කිරීමට තීරණය කර ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසයි.

බැසිල් රාජපක්ෂ මහතාගේ ‘පොහොට්ටු’ පක්ෂයට එක්වීමට අකමැත්තක් ප්‍රකාශකර ඇති මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, විජිත් විජිතමුනි සොයිසා, ලසන්ත අලගියවන්න, වීරකුමාර දිසානායක, ෆයිසර් මුස්තාපා, සාරතී දුෂ්මන්ත මිත්‍රපාල, ඉන්දික බණ්ඩාරනායක, ලක්ෂ්මන් සෙනවිරත්න, කාදර් මස්තාන්, ශ්‍රියානි විජේවික්‍රම ආදී ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් පිරිසක් විසින් මෙම සංවිධානය ගොඩනගා ඇතැයි ද එම ආරංචිමාර්ග කියා සිටියි.

ඔවුන් විසින් ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා එම සංවිධානයේ කැඳවුම්කරු ලෙස නම්කර ගෙන ඇතැයි ද වාර්තාවේ.

එම සංවිධානයේ රැස්වීමක් ඊයේ පෙරවරුවේ දී මහින්ද අමරවීර මහතාගේ නිවසේදී පවත්වා ඇති ඇති අතර එහිදී
ශ්‍රීලනිපය තුල සිටිමින්ම එහි ප්‍රතිපත්ති හා අරමුණුවලට එකඟව කටයුතු කිරීමටත් තීරණය කර ඇත.

කෙසේවුවද මෙම කණ්ඩායම එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා අද අගමැති ලෙස දිව්රුම් දීමෙන් පසු ගොඩනගන ආණ්ඩුවට එක්වන්නේදැයි මෙතෙක් තීරණය කර නොමැත.

Loading...